පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය.
අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
"මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය අය. මිය ගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති අයත් ඉන්නවා. මේක සමූළ ඝාතනයක්.
මේක පිටුපස තියෙන සත්‍ය හොයාගැනීම කියන්නේ, මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. එහෙම නොවුණොත්,සිද්ධ වෙන්නේ නීතියට සමහරු බය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඔප්පු වෙනවා. මේක අපිට පිළිගන්න බෑ.

