ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දසුන්ගෙන් සංවේදී සටහනක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට තම කණ්ඩායමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටු වන බව නායක දසුන් ශානක පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ අද (26) විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ දසුන්,
"මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීමේ කනගාටුව ඔබත් සමග මම බෙදා ගන්නවා.
එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම ඇතුළුව නායකත්වය මුහුණදුන් අභියෝග නොතකා කණ්ඩායමක් ලෙස අපි දැවැන්ත විශ්වාසයක්, පැහැදිලි සැලසුම් සහ ඉහළ බලාපොරොත්තු සහිතව මෙම තරගාවලියට පැමිණියා.

