පරාජයෙන් පසු සංගක්කාරත් හඬ අවදි කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති පසුබෑම හමුවේ ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද දැඩි කණගාටුවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
ඊයේ (25) නවසීලන්තයත් සමඟ පැවති තීරණාත්මක තරගය පරාජයවීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක අවශ්‍යතාවය අවධාරණය කර 'X'සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.
වත්මන් කණ්ඩායම තුළ පවතින අර්බුදය පරාජයක් පමණක් නොවන බවත් එය සමස්ත පද්ධතියේම පවතින දුර්වලතාවයක් බවත් ඔහු මෙහිදී පෙන්වා දී ඇත.
පරාජය හමුවේ ක්‍රීඩකයින්ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති නමුත්, රටක් නියෝජනය කිරීමේදී ලැබෙන ගෞරවය සමඟ එම වගකීමද නිසි ආකාරව දැරීමට ඔවුන් සූදානම් විය යුතු බව කුමාර් සංගක්කාර පවසයි.
අනෙක් ක්‍රිකට් කණ්ඩායම්, තාක්ෂණය සහ උපක්‍රම අතින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පැරණි ක්‍රමවේදවලම එල්ලී සිටීම පරාජයට ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, කාලෝචිත ලෙස වෙනස් නොවන්නේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකාවට පවතින පිළිගැනීම සහ අදාළත්වය ගිලිහී යාමේ බරපතළ අවදානමක් පවතින බව ඔහු පවසයි.

