අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
සුරේෂ් සලේ මහතා පසුගිය 25 වනදා පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

