අදත් ගුවන් ගමන් 57ක් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.

ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 29ක් අවලංග වී ඇත.

මේ අතර හෙට (04) දිනේය දී ද ගුවන් ගමන්වාර 4ක් අවලංගු කර තිබේ.

මැදපෙරදිගට යන සහ එන මෙන්ම එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා තවදුරටත් තාවකාලිකව අවලංගු කර ඇති බව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

menu
menu