බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගයෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවය.

