ජනපති සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ වන බව එහි

