මට පැයක් ඇතුළත ඉරානයේ විදුලිබලාගාර විනාශ කළ හැකියි! - ට්‍රම්ප්
තමාට පැයක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර විනාශ කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා තිබේ.
නමුත්, ඉරානයේ ගොඩනැගිලි සහ පද්ධති නැවත සෑදීමට වසර ගණනාවක් යන බැවින්, ඒවාට විශාල හානියක් කිරීමෙන් අමෙරිකාව වැළකී සිටින බව ට්‍රම්ප් පවසා තිබේ.
"මට පැයක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර විනාශ කළ හැකියි. නමුත් එසේ කළහොත් එය නැවත ගොඩනැගීමට විශාල කාලයක් යන නිසා මම එය පාලනය කරගෙන සිටිනවා" යැයි ට්‍රම්ප් සඳහන් කර ඇත.
මේ අතර,පසුගියදා ඉරානයේ 'කාර්ග් දූපතට' පහර දුන් අවස්ථාවේදී එහි ඇති තෙල් නල පද්ධතිවලට හානි නොකළ බවට ද ට්‍රම්ප් පවසා තිබේ.

