කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගස්තු අය කිරීම අද සිට යළි ඇරඹෙයි
කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (23) පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීම සිදු කරන බවයි කොළඹ මහ නගර සභාව පැවසුවේ.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ූඍ කේත ක්‍රමය සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් වාහන පෝලීම් අඩුවී ඇති බව නිරීක්ෂණය වීම නිසා යළිත් රථවාහන නැවතුම් ගාස්තු අය කිරීමට තීරණය කළ බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

