සිය කුඹුරට ගිනි තැබූ පුද්ගලයෙකුට අත් වූ ඉරණම

වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ ගඟසිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වීරවිල පොලීසිය පැවසුවේ.

ඔහු සිය කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා ඇති අතර එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වීරවිල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

menu
menu