නවතා දැමු ත්‍රිපෝෂා නිෂ්පාදනය යළි අරඹයි

ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා.

ඔහු පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුදව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස ගණනාවක් අඩාළ වී පැවති බවයි.

එම තත්ත්වය හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනය අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වූ අතර කෙසේ වෙතත් ඉලක්කගත ප්‍රතිලාභි කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබාදීම ක්‍රමවත්ව පැවති බවයි ත්‍රිපෝෂ සමාගම පැවසුවේ.

කෙසේ වෙතත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීම සඳහා පසුගියදා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමඟ ත්‍රිපෝෂ සමාගම එකඟතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඉන් අනතුරුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු සැපයුම යථාවත් වූ අතර, ඒ අනුවයි ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර තිබෙන්නේ.

පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බවයි එහි සභාපති අමල් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම මාසය අවසන් වන විට ත්‍රිපෝෂ නොලැබුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිලධා

menu
menu