ගෑස් රැගත් තවත් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකරයි

ගෑස් තොග රැගත් ඉන්දීය ධජය සහිත තවත් LPG නැව් දෙකක් යුදමය තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කර ඇති අතර, ඉදිරි දින දෙක ඇතුළත ඒවා ඉන්දීය වෙරළට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නැව් ලුහුබැඳීමේ දත්තවලට අනුව, පර්සියානු ගල්ෆ් කලාපයෙන් සඳුදා උදෑසන ගමන් ආරම්භ කළ Pine Gas සහ Jag Vasant යන නෞකා දෙක එකිනෙකට සමීපව ගමන් කරමින් මෙම සමුද්‍ර සන්ධිය පසු කර ඇති බව සඳහන්.

වරාය, නාවික සහ ජල මාර්ග අමාත්‍යාංශයේ විශේෂ ලේකම් රාජේෂ් කුමාර් සින්හා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, මෙම නැව් දෙක LPG ටොන් 92,612ක් රැගෙන එන බවයි.

"ගමනාගමනය ආරම්භ වී තිබෙනවා," යැයි පැවසූ ඔහු, මෙම නෞකා මාර්තු 26ත් 28ත් අතර කාලයේදී ඉන්දීය වරායන් වෙත ළඟා වීමට ඉඩ ඇති බවද සඳහන් කර තිබෙනවා.

menu
menu