රුසියානු බලශක්ති නියෝජ්‍ය    අමාත්‍යවරයා දිවයිනට

ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.

ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙන්නේ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමු වීමට රජය ගත් තීරණය අනුවය.

උද්ගත වූ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර ඊට සූදානමක් ලෙස මෙරට තෙල් බෙදාහැරීම සීමා කරන ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට රජය පියවර ගත්තේය.

කෙසේවෙතත් මැදපෙරදිග හෝමූස් සමුද්‍රසන්ධිය අවහිරවීමත් සමඟ මෙරටට අපේක්ෂිත තෙල් නැව් කිහිපයක් නියමිත දිනවලටම පැමිණීමට බාධා එල්ල විය.

නිර්මාණය වූ මෙම තත්ත්වය හමුවේ විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබේ.

menu
menu