රසකැවිලි ලෝලීන්ට සුබ පුවතක්! බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් මිල ලබන මැයි දක්වා වැඩි වෙන්නේ නෑ! 

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් සිය නිෂ්පාදනවල මිල වැඩි නොකිරීමට එකඟතාවය.

?️ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී තිබේ.

? මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ ඇති වී තිබෙන අභියෝග කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම මෙහි අරමුණයි.

කුමන ගැටළු මතු වුවද අවුරුද්ද අවසන් වන තෙක් මිල වැඩි කිරීමක් සිදු නොකරන බව ලංකා රසකැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා තහවුරු කරයි

menu
menu