රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබාදීම ස්ථිරයි
අප්‍රේල් සහ මැයි මාස සඳහා රුසියාවෙන් ඉන්ධන නෞකා ලබාගැනීම ස්ථිර කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසයි. ඉන්ධන ගොඩබෑමේ පර්යන්තවල පවතින කාර්යබහුලත්වය නිසා නෞකා පැමිණෙන දින සහ තාක්ෂණික කරුණු පිළිබඳ මේ වන විට අවසන් සාකච්ඡා පැවැත්වේ.

