රුපියල් කෝටි 600ක මත්ද්‍රව්‍ය වැටලීමක්!
විදෙස් බුද්ධි තොරතුරකට අනුව ගැඹුරු මුහුදේ දියත් කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. අද පෙරවරුවේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් හෙවත් කෝටි 600ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.

