පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය දිවි සැරිය නිම කරයි 

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .
මියයන විට ඔහු 47වන වියේ පසු වුණ බවයි සඳහන් වන්නේ .
2000 වර්ෂ‍යේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ ඒ මහතා පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වලද සේවය කර තිබෙනවා .
ගාල්ලේ උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙක් .
ඔහුගේ දේහය අද (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා .
එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරෙන බව සඳහන්.
menu
menu