You said  ගාල්ල ක්‍රිකට් සමාජය අත්හිටුවීමේ අවදානමක!    ලේකම්වරයාට එරෙහිව බරපතළ චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවන ලද නව රෙගුලාසිවලට අනුව තම ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හේතුවෙන් දිවයිනේ පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයක් වන ගාල්ල ක්‍රිකට් සමාජය මේ වන විට අත්හිටුවීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟපෙන්වීම්වලට අනුව, ඕනෑම සාමාජික ක්‍රීඩා සමාජයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දැරීම සඳහා:අදාළ සමාජයේ අවම වශයෙන් වසර 10ක අඛණ්ඩ සක්‍රීය සාමාජිකත්වයක් තිබීය යතුයි
එම ක්‍රීඩා සමාජයේ පරිපාලන ව්‍යුහය තුළ ප්‍රදර්ශනය කළ හැකි පළපුරුද්දක් තිබීම, අනිවාර්ය කර ඇත.මෙම සංශෝධන 2025 ජූලි 31 වන දිනට පෙර සම්මත කර ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වුවද, ගාල්ල ක්‍රිකට් සමාජය එම නියෝග පිළිපැදීමට අපොහොසත් වී තිබෙනවා.
මෙම බරපතළ පරිපාලනමය පසුබෑමට ප්‍රධාන හේතුව ගාල්ල ක්‍රිකට් සමාජයේ ලේකම් රුවන් ගලප්පත්ති මහතා බවට සභාපති කේ.ඒ.ඩී. චාල්ස් සිල්වා මහතා චෝදනා කරනවා.
සභාපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එවන ලද නිල ලිපි සහ නියෝග ලේකම්වරයා විසින් සිතාමතාම තමන්ගෙන් සහ විධායක කමිටුවෙන් සඟවා ඇති බවයි.
ලේකම්වරයාගේ මෙම ක්‍රියාව සහ තොරතුරු වසන් කිරීම හේතුවෙන් සමස්ත ක්‍රීඩා සමාජයම දැඩි අනතුරකට ලක්ව ඇති බව සභාපතිවරයා අවධාරණය කළා
මේ වන විට රුවන් ගලප්පත්ති මහතාගේ වැඩ තහනම් කර ඇති අතර, ඔහුට එරෙහිව මුදල් අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා
menu
menu