කංජිපානිගේ ගෝලයෙක් හෑෂ් කිලෝ පහක් සමග කොටු
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීමකදියී.
සැකකරු වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබී හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 137ක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල මෝටර් රථය හා ඒ සමග තිබූ යතුරු පැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට වත්තල ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

