අධික රස්නය නිසා මතක ශක්තියටත් බලපෑම්

පවතින උණුසුම් අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිහිටියන්ගේදරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද මතක ශක්තිය අඩුවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව මේ දිනවල මතුවිය හැකි රෝග ලක්ෂණ පිළිබද වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු පැවසුවේ.

මෙම දිනවල දහඩිය ලෙස ජලය සහ ලවන ශරීරයෙන් පිටවන නිසා විජලන තත්ත්වයට පත් විය හැකියි.

ඒ අනුව ජලය පානය නොකර අඛණ්ඩව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවනවා.

මේ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරිත්ව අඩුවීම, ඉගෙන ගැනීමේ හැකියාව අඩුවීම, හිසරදය, වමනය, ඇගපත වේදනාව, නින්ද නොයෑම, ආහාර අරුචිය වැනි රෝග ලක්‍ෂණ පහළ වන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියාසිටියේ.

එම රෝග තත්ත්වයන්ගෙන් මිදීම සදහා දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැද වර්ගය, සුප් වර්ග, පොල් වතුර, තැඹිලි වතුර, ජීවනී මෙන්ම ජලය වැඩි වශයෙන් පානය කළ යුතු වනවා.

ඒ අනුව දරුවන්, වැඩිහිටියන්, වයෝවෘද්ධ පිරිස, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ ගර්භණී මව්වරුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතුයි.

menu
menu