ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ගුවන් යානා 9ක් අහිමි
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තුළ මේ වන විට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා අවම වශයෙන් 9ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමකට සහාය වීමට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වී තිබණි.
පසුගිය 5වනදා වාර්තා වුයේ එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම ඒවා විනාශ කර ඇති බවය.
එමෙන්ම මධ්‍යම ඉරානයේ ගිනිගෙන විනාශ වූ යානාවල සුන්බුන් සහිත ඡායාරූප මේ වන විට එය තහවුරු කර ඇත.
පසුගිය 3වනදා මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා තිබුණි.

