අවුරුද්ද අවසන් වනතුරු ඉන්ධන QR ඉවත් කරන්න
උත්සව සමය අවසන් වන තෙක් ඉදිරි සති දෙක සඳහා QR ක්‍රමවේදය ඉවත් කරන ලෙස ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා.
එහි විධායක කමිටු අධ්‍යක්ෂක ශාන්ත සිල්වා පැවසුවේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබා දිය යුතු බවයි.
එසේ නොමැති වුවහොත් අවුරුදු සමයේ ජනතාව පිඩාවට පත්වන බවද ඔහු පැවසුවා.
මේ අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දි තිබු පොලිස් ආරක්ෂාවද මේ වන විට ඉවත් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු අධ්‍යක්ෂක ශාන්ත සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.

