වෛද්‍යවරු දැඩි තිරනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව ඊයේ (9) පෙරවරු අටට ආරම්භ කළ පැය 48 ක වර්ජනය අවසන්වීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු අටටයි.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රකාශයට පත් කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරත වනවා.
මේ අතර සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරිම සදහා අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යකාරක සභා රැස්වීමක් කැදවා ඇති බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.

