හෝමාගම ගැටුමකින් සරසවි සිසුවෙකු මරුට
හෝමාගම, මොරගහහේන මාර්ගයේ හෝටලයක් තුළදී පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වයස අවුරුදු 19 ක් වූ වැල්ලව ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
අදාළ සිසුන් දෙපිරිස එම හෝටලය තුළ ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා තිබෙනවා.
එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

