ක්‍රිකට් ක්‍රීඩාවේ නාමයට කළු පැල්ලමක්: වෛද්‍යවරියන්ගේ දර්ශන රූගත කළ ක්‍රීඩකයින් ඇප මත මුදාහැරේ.

සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, ජංගම දුරකථන මගින් රූගත කළ බවට සැකපිට තරුණයක් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු බවනාරාහේන්පිට පොලීසිය පැවසීය.

ඔවුන් මෙලෙස පිරිමි පුද්ගලයින්ගේ වීඩියෝ දර්ශනද ලබාගෙන ඇති අතර, එලෙස ලබාගන්නා දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් කළේය

menu
menu