භාණ්ඩාගාර ලේකම්  මුදල් කාරක සභාව මගහරියි?  

අද දිනයේ (30) රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනි සිටීමට නොහැකි බව දන්වමින් භාණ්ඩාගාර ලේකම් එම කාරකසභාව වෙත ලිපියක් යොමු කර තිබේ.
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අද එම ලිපිය මුදල් කරක සභාව වෙත ලැබි ඇති බවය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර තිබුණි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට ද මෙම නිලධාරීන්ට දැනුම් තිබුණි.
menu
menu