දූෂණයට එරෙහිව මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගෙන් දැඩි තීරණයක්!
කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ (NPP) නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඊයේ (06) දින නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා වෙත භාර දී ඇත.
? ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ:
-
නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය.
-
වංචා, දූෂණ සහ නාස්තිය අවම කිරීමට අපොහොසත් වීම.
-
අනවසර ඉදිකිරීම් සහ වෙළෙඳාම් පාලනය නොවීම.
-
ඉන්ධන සහ අතිකාල ගෙවීම්වල පවතින අක්‍රමිකතා.
ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගෙන තේරී පත් වූ ප්‍රේමචන්ද්‍ර මහතා, පද්ධතියේ පවතින දූෂණයට එරෙහිව සිය විරෝධය මෙලෙස පළ කර තිබේ.

