අගෝස්තු වෙනකම් ඉන්ධන තොග ෂුවර්! 

එළඹෙන අගෝස්තු මාසය දක්වා රටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද දැනටමත් ඇණවුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 6 වන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී පැමිණි සිටි නිලධාරීන් විසින් මේ බව තහවුරු කර සිටියා.

මෙම සාකච්ඡාවේදී ජනතාවට ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලැබූ ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර, QR කේතය යටතේ පමණක් ඉන්ධන ලබාදීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

මීට අමතරව, විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් 'Clean Sri Lanka' වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුම්වත් කිරීමටත්, විදුලිය පිරිමසන නිවෙස් වෙනුවෙන් පාසල් දරුවන් හරහා ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී යෝජනා වුණා.

menu
menu