"නිර්දෝෂී වුණොත් යළි  පැවිදි වෙන්න ඉඩ දෙනවා  

මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක් තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23දෙනාට උපැවිදිවන ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් එම චීවරධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ඊයේ (15) පැවති පිංකමට වැඩමකළඅස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ, එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත්, නිර්දෝෂී වුණොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,

"අපේ සංඝ සමාජය හැටියට අපිට විශාල අර්බුදයක්, කොහොමද මේ වැරදි කරන පුද්ගලයෝ සසුනෙන් නෙරපන්නේ කියන එක.

menu
menu