කෙහෙල්බද්දර පද්මේගේ කළු සල්ලි සුදු කළ ලංකාවේ මොළකරු මෙන්න
විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික "කෙහෙල්බද්දර පද්මේ" සහ ගම්පහ ඔස්මන් අතර කාලයක සිට දැඩි විරසකයක් පවතින බවත්, ඔස්මන්ට පද්මේගෙන් මරණ තර්ජන ඇති බවත් පෙන්වීමට මොවුන් දෙදෙනා ව්‍යාජ රංගනයක නිරත වී ඇත. මීට පෙර අවස්ථාවලදී ඔස්මන්ව ඝාතනය කිරීමට පැමිණි පද්මේගේ ගෝලයන් පොලිසියට කොටු වුවද, ඒ සියල්ල පොලිසිය සහ සමාජය නොමඟ යැවීම සඳහා සැලසුම් සහගතව සිදුකළ "නාට්‍ය" බව දැන් හෙළි වී තිබේ.
ඇත්ත වශයෙන්ම මොවුන් දෙදෙනා ඉතා සමීප සබඳතාවක් පවත්වා ඇති අතර, කෙහෙල්බද්දර පද්මේ සතු කළු සල්ලි සියල්ල මෙරට තුළ සිට සුදු කිරීමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇත්තේ ද ගම්පහ ඔස්මන්ය. ඔහු තම ව්‍යාපාර ජාලය හරහා මෙම ජාවාරම සිදුකර ඇත.
පසුගියදා අසර්බයිජානයේ සිට මෙරටට රැගෙන ආ "බටුවත්තේ චාමර" නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සියලු රහස් හෙළි වී තිබේ. ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි නිවසේදී ඔස්මන්ව අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී විදේශීය රීපීටර් ගිනිඅවියක් සහ පතරොම් ද සොයා ගැනුණි.

