මාර්ගය හරහා වැඩම කළ බෝවලවත්ත   ආරාමයේ හිමිනමකගේ අවසන් ගමන

පේරාදෙණිය, රජවත්ත මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 83 හැවිරිදි වියේ පසුවූ පූජනීය හිමිනමක අපවත් වී තිබේ.

ඊයේ (16) පෙරවරුවේ පේරාදෙණිය දෙස සිට මහනුවර දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම හිමිනමගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සැකෙවින්: අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම වහාම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ඒ වන විටත් උන්වහන්සේ අපවත් වී සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමකි.

menu
menu