මල්වානේ නිවස ඇල්ලූ නව අන්තරේ සහ   අගමැතිනිය අතර සාකච්ඡාව අද

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි අත්හැර දමන ලද නිවස සම්බන්ධයෙන් අද (18) දිනයේ විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. මේ සඳහා අදාළ සියලුම පාර්ශවයන් වෙත නිල වශයෙන් ආරාධනා කර ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි 14 වැනිදා නව අන්තරේ ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් මල්වානේ පිහිටි මෙම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රැඳී සිටි අතර, ඔවුන් ඊයේ (17) දිනයේද එහි රැය පහන් කර තිබුණි. අද පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව, මල්වාන නිවස සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

menu
menu