"හෙට පැවැත්වෙන 17 වැනි රණවිරු සැමරුමට ජනපති අනුර කුමාර එක්වෙයි - රණවිරු සේවා අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!"

දශක තුනක කුරිරු යුද්ධය නිමා කරමින් මෙරට ලැබූ ඓතිහාසික යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ පෙර වසරවල මෙන්ම සාම්ප්‍රදායික අභිමානයෙන් යුතුව හෙට (19) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙවර උත්සවයේ විශේෂත්වයක් වන්නේ, ඉතිහාසයේ පළමුවරට උතුරු සහ නැගෙනහිර පළාත්වලදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් ද මීට එක් කරගැනීමට කටයුතු යොදා තිබීමයි.

menu
menu