කිසිවක් ඉතිරි නොවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කෙළින්ම තර්ජනයක්? මැදපෙරදිග සිතියමකුත් එළියට දමයි!

ඇමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉරානය වහාම ක්‍රියාත්මක විය යුතු බව පවසන ට්‍රම්ප් ජනාධිපතිවරයා, පවතින කාලය වේගයෙන් ගෙවී යන බවටත්, ප්‍රමාද වුවහොත් ඉරානයට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවටත් අනතුරු අඟවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය 'ටෘෘත් සෝෂල්' සමාජ මාධ්‍ය ගිණුම හරහාය. මැදපෙරදිග කලාපය තුළ ඇමරිකානු බලය පෙන්වන සංස්කරණය කළ සිතියමක්ද ඔහු එහි පළ කර තිබේ.

මෙවැනි පසුබිමක, ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතර ඊයේ දිනයේදී විශේෂ දුරකථන සංවාදයක්ද සිදුව ඇත. විනාඩි 30ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුවද, යුද්ධය නිමා කිරීම සඳහා වන ඉරාන - ඇමරිකා සාම සාකච්ඡා මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්වා නැති බව විදෙස් වාර්තා සනාථ කරයි.

menu
menu