සීදුවේ නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි කාන්තා මළසිරුරේ අභිරහස!

සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක තිබූ ගමන් බෑගයකින් 79 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති අතර ඇය එම නිවසේ තනිව පදිංචිව සිටි තැනැත්තියකි. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා ගලවා ඉවත් කර, දුරකථන රැහැන් ද කපා දමා ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 31 හැවිරිදි තරුණයකු ඝාතනය කර තිබේ. මෝදර උයන මහල් නිවාස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

තවද, රත්නපුර, වෙරළුගහපිටිය ප්‍රදේශයේදී කළුගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මෘත ශරීරයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 45 ත් 50 ත් අතර වයසක පසුවන්නෙකු බවටයි සැක කෙරෙන්නේ. මෘත ශරීරය රත්නපුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රත්නපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

menu
menu