"මඩකලපුව හිරගෙදරදී සිද්ධ වුණු ඒ රහස් හමුවීම! නාමල් රාජපක්ෂ ඇත්ත කියයි!"
බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමන් ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2018 - 2019 කාලසීමාවේ එලෙස පිල්ලෙයාන් හමුවීම රහසක් නොවන බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

