ඉදිරි අයවැය ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි
ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මඟින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ.
ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන් අතර, ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

