විද්‍යා ඝාතන නඩුව යළි කතාබහට – මරණ දඬුවම ලැබූ ජෙයකුමාර් මියයයි
2015 වසරේ දිවයිනම කම්පනයට පත් කළ විද්‍යා ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වූ විත්තිකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළදී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි පූබාලසිංහම් ජෙයකුමාර් නමැත්තෙක්.
ඔහු විසින්ම සිය දිවි හානි කරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට අදාළ නඩුවේදී, ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මරණ දඬුවම නියම කර තිබුණා.
පසුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළද, ඉකුත් මැයි 6 වැනිදා එය නිෂ්ප්‍රභ කරමින් පෙර නියම කළ මරණ දඬුවම තහවුරු කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ.

