විමල් වීරවංශගෙන් දිගු ප්‍රකාශයක්ප සුව අත්අඩංගුවට”

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසට මීට පෙර ඔහුට දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු පොලීසියට පැමිණි බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා මේ වනවිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

menu
menu