වාහන ලීසිං ගන්න අයට මහබැංකුවෙන් අලුත් නීති
වාහන ලීසිං ගන්න අයට මහ බැංකුවෙන් අලුත් නීති! ?? වාහන සහ රන් භාණ්ඩවල මිල අධික ලෙස වෙනස් වීම නිසා, මහ බැංකුව දැඩි තීරණයක් අරගෙන තියෙනවා. ? අලුත් වාහන සඳහා ණය සීමාව 50% සිට 40% දක්වා අඩු කරලා. ? රන් භාණ්ඩ සඳහා උපරිම ණය සීමාව 70%ක්. මහ බැංකුව කියන්නේ, වාහන මිල කෘතිමව ඉහළ යන මේ වෙලාවේ වැඩිපුර ණය අරගෙන පස්සේ ණය බරට වැටෙන්න පුළුවන් කියලා. ⚠️ ඒ වගේම බැංකු වලටත් NPL අවදානම වැඩි වෙන නිසා මෙම සීමා පනවා තිබෙනවා. ? මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න ගත්ත තවත් වැදගත් පියවරක් ලෙසයි මේක හඳුන්වන්නේ.

