හාමුදුරුවන්ගේ විනය රකින්න ජනපතිගෙන් දැඩි තීරණයක්..!
“හාමුදුරුවන්ගේ විනය රැකගන්න අලුත් නීති එනවා…!”
රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති “දක්ෂිණා ප්‍රභා” රාජ්‍ය වෙසක් මහෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති ඉතා ඉක්මනින් හඳුන්වා දෙන බවයි.
මෙවර උත්සවයට විදෙස් තානාපතිවරුන්ද එක්ව සිටි අතර, ආගමික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමු වී තිබුණා.

