කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා."

"කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා."

විස්තරාත්මක පුවත: කළුතර දකුණ, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී අද මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින්, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය මඟින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

menu
menu