කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ විමර්ශන පිළිබඳ උසාවියේදී හෙළි වූ කරුණු 4ක්:

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී CCDය දන්වා සිටියේ රස පරීක්ෂකවරයාගේ උපදෙස් මත, මරණකරු ගෙල වැලලා ගැනීමට භාවිත කළ පටියට සමාන තවත් කොළ පැහැති පටියක් ඔහු මියගිය කාමරයේ තිබී සොයාගත් අතර එය රස පරීක්ෂක වෙත යැවීමට අධිකරණ අවසරය ඉල්ලූ බවයි. නිවසේ CCTV දර්ශන 04ක් ඔස්සේ කළ විමර්ශනවලදී මෙතෙක් කිසිදු සැකකටයුතු පුද්ගලයකු අනාවරණය වී නොමැත. මීට අමතරව, මරණකරුගේ ජංගම දුරකථනය විමර්ශනය කිරීම සඳහා FBI ආයතනය හරහා ඇමරිකාවේ Apple සමාගම වෙත යොමු කිරීමට කටයුතු කරමින් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නඩුව ලබන 5 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

menu
menu