හොරණ රාජ්‍ය බැංකුවක කෝටි 3 හමාරක් පැහැරගනී
හොරණ නගරයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි තුනහමාරක (රුපියල් මිලියන 35) මුදල් අඩංගු කර තිබූ බෑගයක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අද (03) දහවල් 3.00 ට පමණ මෙම මංකොල්ලකෑම සිදුව ඇති බවට පොලිසිය වෙත තොරතුරු වාර්තා වී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී අදාළ මුදල් ඇසුරුම් කර තිබූ බෑගය පැහැරගෙන සැකකරුවන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

