සුව සැරිය ගිලන් රථ සේවාව අද රාත්‍රී සිට අත්හිටුවයි!

[පිටපත] දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සුව සැරිය ගිලන් රථ සේවාවේ සියලුම නිලධාරීන් සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසන්නේ අද (03) රාත්‍රී 08.00 සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බැවින්, අද රාත්‍රියේ සිට සුව සැරිය ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක නොවන බවයි.

මීට අමතරව, තමන්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පෑම සඳහා සුව සැරිය නිලධාරීන් පිරිසක් හෙට (04) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක නිරත වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

menu
menu