ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් - 100යට අධික පිරිසක් මරුට
ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 100යට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශක කර සිටියේ හමාස් අණදෙන මධ්‍යස්ථානයකට ප්‍රහාරය එල්ල කල බවයි
තවද මෙම පාසල් ගොඩනැගිල්ල හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් හමුදා කටයුතු සඳහා යොදාගෙන තිබුන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.
ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඇතුළුව හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සටන්කාමීන් 20ක් පමණ ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමට ටබීන් පාසල් පරිශ්‍රය යොදා ගනිමින් සිටි බවට ඊශ්‍රායල බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුන බවයි ඊශ්‍රායල හමුදාව පැවසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව ගාසා හි සිවිල් ආරක්ෂක ඒජන්සිය ඊයේ ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායල ප්‍රහාරයක් ගාසා නගරයේ පලස්තීනුවන් රැඳී සිටි පාසලකට එල්ල කල බවත් එයින් 100කට අධික පිරිසක් මිය ගිය බවයි.
මෙම ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව එල්ල කල බවත් මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ළමයින් බවද මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමට හැකි බවයි ගාසා හි සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජූලි 6 වනදා වන විට ගාසා තීරයේ පාසල් 564 න් 477 ක්ම යුද්ධයෙන් හානි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිට පෙර ඊශ්‍රායල හමුදාව නැගෙනහිර ගාසා නගරයේ අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසල් දෙකකට පහර දුන් අතර අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබුනා.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන් මියයාම හමාස් වෙත දොස් පවරා තිබෙනවා
ඒ එම කණ්ඩායම් පාසල් සහ නේවාසික අසල්වැසි ප්‍රදේශ මෙහෙයුම් සහ ප්‍රහාර සඳහා කඳවුරු ලෙස යොදා ගනිමින් සිවිල් වැසියන් අනතුරේ හෙළනබවපවසමින්.