මේ සතියේ සිදුවන දේශපාලන පිල් මාරුව

මෙවර ජනාධිපතිවරණයේදී තවත් දේශපාලන පිල් මාරු කිහිපයක් මේ සතියේ සිදුවන බවට වාර්තා වෙනවා.
ඊයේ සවස සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබුනා
ඊයේ පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලක පරිශ්‍රයේදී ඊට අදාළ ගිවිසුමකට අත්සන් තැබුණා.
තවද මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සහය ලබා දෙන දේශපාලන පක්ෂය පිළිබඳව අද පැවැත්වෙන උත්සවයකදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම මන්ත්‍රීවරු කීපදෙනෙකු සහ අමාත්‍යවරු කීපදෙනෙකු සතිය තුළ තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ
menu
menu