ආසියානු සූරියන් නෙදර්ලන්තය හමුවේ තරගාවලිය පරාජයට පත්වෙයි.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 255ක් රැස්කලා.

ලියා පෝල් ලකුණු 81යි. පන්දු යැවීමේදී අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

නායිකා චමරි අතපත්තු ද එක් කඩුල්ලක් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105ක් රැස් කළා.

කවිෂා දිල්හාරි ලකුණු 53යි.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 24ක් රැස් කළා.

නායිකා චමරි අතපත්තු ලකුණු 22ක් රැස්කර සිටියදී දැවී ගියා.

සෙසු ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 15 සීමාව පසුකර යාමට අවස්ථාව හිමි වුණේ නැහැ.

ඒ අනුව අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ලකුණු 15කින් ජයගනු ලැබුවා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

menu
menu