මන්කි පොක්ස් රටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙළක්

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට මන්කිපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවද සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේදී මන්කිපොක්ස් රෝගයට සූදානම් වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීමක් ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක්ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය ලේකම්වරයා පාවසුවේ.

මන්කිපොක්ස් රෝගය එම් පොක්ස් වෛරසය නිසා ඇති වන බවටයි අනාවරණ වී ඇත්තේ.

ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් එම රෝගය පැතිර යන බැවින් රෝගය පැතිරීමේ අවදානම ඇත්තේ අඩු මට්ටමක බවට පැවසෙනවා.

menu
menu