නීති විරෝධී ඡන්ද පොස්ටර් ඉවත් කිරීමට කම්කරුවන් 1,500ක් බඳවා ගැනේ
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීතිවිරෝධී පොස්ටර් සහ ප්රචාරක පුවරු එක් ලක්ෂ හැටනව දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලීසිය පවසනවා.
මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පැවසුවේ නීතිවිරෝධි ප්රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි.